මරණ දණ්ඩනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය තවත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

මරණ දණ්ඩනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය තවත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි


මෙරට තුළ මරණ දඬුවම අහෝසි කරන ලෙස  යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබෙනවා.

ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල තානාපතිවරු පිරිසක් අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී යී.

මීට පෙරද  මරණ දඬුවම අහෝසි කරන ලෙස  යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ අතර, ඔවුන් යළි අවධාරණය කර සිටින්නේ ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම තව දුරට ත් අත්හිටුවන්න ලෙසයි.

ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රුමේනියා තානාපති කාර්යාලය සහ එක්සත් රාජධානී මහ කොමසාරිස් කාර්යාලවල එකඟතාව මත මෙම තීරණයට එළැඹ තිබෙනවා.

No comments

Powered by Blogger.