පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු මුස්ලිම් මැති ඇමතිවරුන් අද ජනාධිපති සමග විශේෂ සාකච්චාවක්
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු මුස්ලිම් මැති ඇමතිවරුන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි. එහිදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියත් වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් සහ දැනට අත්අඩංගුවේ පසුවන මුස්ලිම් ජාතිකයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සිදු කෙරෙන බවයි හිටපු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි කියා සිටියේ.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධීපති ලේකම් කාර්යාලයේදි ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ජනාධිපතිවරයා සිය ලන්ඩන් සංචාරය ආරම්භ කිරීමට පෙර මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ. ඊයේ රාත්‍රියේ පැවති හදිසි කැබිනට් රැස්වීමට අමාත්‍යවරුන්ගේ පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබුණු බවද වාර්තාවනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සංචාරක ක්ෂේත්රයේ නිරත පිරිස් මුහුණදී ඇති ගැටළු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. සංචාරක ක්ෂේත්රයේ නිරත පිරිස් සඳහා සහන ලබාදෙන ලෙසට රජය දැනුම්දී තිබුණත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.
Leave a Comment