නැවතත් ඇතැම් ප‍්‍රදේශවලට දෛනිකව පැයක පමණ විදුලි කප්පාදුවක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

නැවතත් ඇතැම් ප‍්‍රදේශවලට දෛනිකව පැයක පමණ විදුලි කප්පාදුවක්


 ඛණිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබානොදීම හේතුවෙන් ඉන්ධන බලාගාරවල කටයුතුවලට බලපෑම් එල්ල වීමත් සමග දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට දෛනිකව පැයක පමණ විදුලි කප්පාදුවක් සිදු වන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

ඛණිජ තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයට ඉන්ධන සපයනු ලබන්නේ රුපියල් බිලියන 80ක ණය සීමාවකට යටත්වයි. මේ වනවිට එම ණය සීමාව ද ඉක්මවා යාම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව මෙලෙස විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

පවතින අර්බුදය හමුවේ විදුලිබල මණ්ඩලයට තවදුරටත් ඉන්ධන සැපයීමට නම් කැබිනට් අනුමැතියක් හෝ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ විශේෂ අවසරයක් අවශ්‍ය වන බවයි ඛණිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් අද (09) දිනයේ දී සාකච්ඡා කර තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවද ප‍්‍රකාශ කෙරුණා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයෙ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවයි. එතෙක් තෝරාගත් ප‍්‍රදේශවලට දැනට සිදුවන විදුලි කප්පාදුව එලෙසම සිදු වන බවද ඔහු ප‍්‍රකාශ කළා.

ඊයේ දිනයේ ද නොදන්වා පැයක පමණ කාලයක් විදුලි සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.

No comments

Powered by Blogger.