ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනා ධූරවලින් ඉවත් වන ලෙස ක්‍රීඩා ඇමති ලිඛිතව දන්වයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනා ධූරවලින් ඉවත් වන ලෙස ක්‍රීඩා ඇමති ලිඛිතව දන්වයි

ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනා ධූරවලින් ඉවත් වන ලෙස ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු ලිඛිතව දන්වා තිබෙනවා.

ඉවත් වීමෙන් පසු  ඔවුනගේ කොන්ත්‍රාත්තු ගැන සලකා බලන බව ලිපියේ වැඩිදුරටත් දන්වා ඇති අතර,
බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට පමණක් ඔවුනට කටයුතු කිරීමට අවසාන අවස්ථාව ලබාදී ඇති බවටයි වාර්ථා වෙන්නේ.

ලෝක කුසලාන පරාජයට පෙර සිටම මෙම පුහුණූකුරුවන් වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇමතිවරයා කථාකර තිබූ නමුත් අවසන් මොහොතේ සංශෝධන නොකරන බව දන්වා තිබුණි.

කෙසේ වෙතත් තමන්ට තවත් වසරක කොන්ත්‍රාත් කාලයක් ඇති බව හතුරුසිංහ මීට සතියකට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර තමන් තනතුරු වලින් ඉවත්වීමට සූදානම් නැති බවද පවසා තිබුණි.

No comments

Powered by Blogger.