වැල්ලවත්තේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් 6 දෙනෙකු රෝහල් ගත කරයි



වැල්ලවත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර හට ගත් ගැටුමකට පොලීසිය සහ ආරක්ෂක අංශ මැදිහත්ව මේ වන විට සමථයකට පත් කර තිබෙනවා.

එහිදී දෙපාර්ශවයේ පුද්ගලයින් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන්  මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, බීමත්ව ඇති වු ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වි ඇත.

No comments

Powered by Blogger.