අතුරුගිරියේ විහාරස්ථානයකට සැක කටයුතු ලෙස පැමිණ පුද්ගලයෙකු අත්අඩංගුවට


අතුරුගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයකට සැක කටයුතු ලෙස පැමිණ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල විහාරස්ථානයට පසුගිය දා  සැක කටයුතු ලෙස පැමිණි  පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකුයි මෙලෙස පොලීසිය අත්අඩංගුවට ගෙන  ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ විහාරස්ථානයේ හිමිනමක් කළ පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ පස්වරුවේ වැලිකඩ - ගෝතමී පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

28 හැවිරිදි සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

No comments

Powered by Blogger.