අද මැච් එක නොමිලේ බලන්න අවසර දෙයි
ශ්රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ අවසන් දිනය නොමිලේ නැරඹීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය ක්රීඩා ලෝලීන්ට අවස්ථාව උදා කර දී තිබෙනවා.
තණකොළ සහිත පේ්රක්ෂකාගාරය මෙලෙස ක්රීඩා ලෝලීන් සඳහා අද (18) විවෘත කෙරෙන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය පැවසුවේ.
ඊයේ තරගය නිමා වනවිට ලකුණු 268 ක ජයග්රාහී ඉලක්කයක් හඹා යන ශ්රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 133 ක් ලබා සිටියා.
Leave a Comment