පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා නිලධාරියෙකු පැරෂුටය ක්රියාත්මක නොවීමෙන් ඇද වැටී මියයයි
පැරෂුටය ක්රියාත්මක නොවීමෙන් අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා නිලධාරියෙකු ඇද වැටී මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුඩාඔය කමාන්ඩෝ යුද හමුදා පුහුණු පාසලේ බළලත් නිලධාරියෙක්.
අද(20) පෙරවරු 8.00ට පමණ අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේදී අදාළ යුද හමුදා නිලධාරියා පැරෂුට් පුහුණුවේ නිරතව තිබේ.
කෙසේවෙතත් ගුවනේදී පැරෂුටය ක්රියාත්මක නොවීම හේතුවෙන් ඇදවැටී තුවාල ලබා ඇති ඔහුව අම්පාර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙලෙස මිය ගොස් ඇත්තේ කඹුරුපිටියේ පදිංචි 42 හැවිරිදි චම්පික කුමාරසිංහ නමැති හමුදා නිලධාරියායි.
ඔහු කුඩාඔය කමාන්ඩෝ යුද හමුදා පුහුණු පාසලේ බළලත් නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබුණි.
Leave a Comment