ආනයනයනික කිරිපිටි වල ඇත්තටම සත්ව තෙල් සහ ෆාම් තෙල් තිබෙනවාද? පරීක්ෂණ වාර්තාව මෙන්න - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ආනයනයනික කිරිපිටි වල ඇත්තටම සත්ව තෙල් සහ ෆාම් තෙල් තිබෙනවාද? පරීක්ෂණ වාර්තාව මෙන්න


ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි වල සත්ව තෙල් සහ ෆාම් තෙල් අඩංගු නොමැති බවට තහවුරු වූ විදේශීය පරීක්ෂණ වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා කතානායකවරයා වෙත භාර දී තිබෙනවා.

ඒ අනුව එම වාර්තාව පසුගියදා විෂයභාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල බවයි බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ වෙළඳපොලෙන් ලබාගත් කිරිපිටි සාම්පල යොදා ගනිමින් අදාළ පරීක්ෂණය ජර්මනියේදී සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි වල සත්ත්ව තෙල් අඩංගු බවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී පසුගිය සමයේ ප්‍රකාශ කල අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සත්ත්ව තෙල් අඩංගු කිරිපිටි ආනයනයට අවසර දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද වගකිව යුතු බවයි.

මෙම ප්‍රකාශය ඉකුත් සමයේ සමාජයේ දැඩි කතාබහට ලක් වුණා.

එහිදී පවතින චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස කතානායක කරූ ජයසූරිය එහිදී යෝජනාවක් කළා.

ඒ අනුවයි වෙළඳපොලෙන් ලබාගත් කිරිපිටි සාම්පල ජර්මනියට යවා මෙලෙස පරීක්ෂා කෙරුණේ.








No comments

Powered by Blogger.