ගෝඨාභය රාජපක්ෂ අද කතරගම පුදබිමට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ගෝඨාභය රාජපක්ෂ අද කතරගම පුදබිමට


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද පස්වරුවේ කතරගම පුදබිම වෙත පැමිණීමට නියමිතයි.

එහිදී ඔහු කතරගම කිරි වෙහෙර වැඳ පුදාගෙන කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැකීමට නියමිතයි.

ඉන් අනතුරුවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රුහුණු කතරගම මහා දේවාලයේ දේව පූජාවටද එක්වන්නේ.

මේ අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඊයේ මහනුවරට ගොස් ශ්‍රී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත්තා.

No comments

Powered by Blogger.