"අපි කාටවත් කියන්නේ නෑ එන්න එපා එන්න එපා කියලා. නමුත් අපි තෝරා බේරා ගත යුතුයි කවුරුන් සමඟ ද අපි එකට බුදියන්නේ කියලා"


දෙමළ ජාතික සන්ධානය පරාජය කරමින් දෙමළ ජනතාව අතරට ගෙන යා යුතු යෝජනා ගැන අවධානය යොමු කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා

විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී පක්ෂ කිහිපයක නියෝජිතයින් සමඟ ඊයේ(05) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම  රිෂාඩ් බදියුදීන් දිනන පැත්තට සහය දක්වන බව පවසා ඇතැයි මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට ද පිළිතුරු දන් මන්ත්‍රීවරයා කියා සිටියේ, තම අපේක්ෂකයා දිනන අවස්ථාවේ දී සියලු දෙනා ඒ හා එක් වෙන බවයි.
 වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර,

“එනකොට අපි කාටවත් කියන්නේ නෑ එන්න එපා එන්න එපා කියලා. නමුත් අපි තෝරා බේරා ගත යුතුයි කවුරුන් සමඟ ද අපි එකට බුදියන්නේ කියලා“


No comments

Powered by Blogger.