පොදුජන පෙරමුණේ නායකත්වය හෙට මහින්දට ජනාධිපති අපේක්ෂකයා ගෝඨා අද තීරණය කරයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කොටගත් සන්ධානයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

හෙට පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සම්මේලනයට පෙරාතුව අද දිනයේ කැඳවන ලද ඒකාබද්ධ විපක්ෂ නායක හමුවේදී හිටපු ජනාධිපතිවරයා විසින් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නම යෝජනා කර ඇත.

ඊට විකල්ප යෝජනා කිසියක් හෝ විරෝධතාවත් එහිදී ඉදිරිපත් වී නොමැති අතර, එහි සිටි පක්ෂ නායකයින් සියලු දෙනාම ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ එම නම ඒකමතිකව අනුමත කර ඇත්තේ අත්පුඩි ගසමිනි.

ඒ අනුව හෙට (11) දිනයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සමුළුවේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ජනාධිපති අපේක්‍ෂක ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර, පොදුජන පෙරමුණේ නායකත්වය හෙට හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීමටද තීරනය කර ඇති බවටයි වාර්ථා වෙන්නේ.





No comments

Powered by Blogger.