එජාපයේ කොටසක් අරලියගහ මැදුරේ රැස්වෙයි තවත් කොටසක් වෙනම රැස්වෙයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

එජාපයේ කොටසක් අරලියගහ මැදුරේ රැස්වෙයි තවත් කොටසක් වෙනම රැස්වෙයි



එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් අද ස්ථාන දෙකකදී වෙ වෙනම රැස්වීමට තීරනය කර තිබෙනවා.

ඒ අනුව එජාපයේ  පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවක් අද පෙරවරුවේ  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන අතර, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා.

පෙරවරු 11.30 ට ආරම්භ වන එජාපයේ  පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවේදි ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ පවතින දේශපාලන තත්ත්වය පිළිබද සාකච්ඡා කෙරෙනු ඇති.

එක්සත් ජාතික පක්‍ෂය තුළ මතුව ඇති ජනාධිපති අපේක්‍ෂක අර්බුදය පිළිබදවද මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ග්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේ අරමුණ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

දේශපාලන ආරංචි පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම කැඳවන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් විසින් ලිපියකට අත්සන් ලබාගනිමින් සිටින බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් පිරිසක් මෙලෙස කැඳවා ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

No comments

Powered by Blogger.