කුමාර වෙල්ගමගේ පෙත්සම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

කුමාර වෙල්ගමගේ පෙත්සම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි


 පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද කටයුතු කළා.

තමා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළ බව චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි කුමාර වෙල්ගම මහතා කියා සිටියේ.

ඒ අනුව එම නඩුව ගොනුකර තිබෙන ආකාරය නීති විරෝධීයැයි සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව දිගටම විභාගයට ගැනීමටයි මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළේ.

No comments

Powered by Blogger.