අර්ජුන මහේන්ද්‍රන්ගේ අදාළ ලිපි ලේඛන සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයට භාර දෙයි
අර්ජුන මහේන්ද්‍රන් මෙරට ගෙන්වාගැනීමට අදාළ ලිපි ලේඛන සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදීමට කටයුතු කර තිබෙනවා.
ඊට අදාළ ලිපි ලේඛන එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට යොමුකර ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඉන් අනතුරුව අදාළ ලිපි ලේඛන එමඟින් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබාදීමටයි නියමිතයි
Leave a Comment