මැතිවරණ කොමිශන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක්



දේශපාලන පක්ෂ ලේකම්වරු හා මැතිවරණ කොමිශන් සභාව අතර සාකච්ඡාවක් අද(17) දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 10.30 ට එම සාකච්ඡාව  මැතිවරණ කොමිශන් සභාවේ පැවැත්වෙන බවටයි වාර්තා වෙන්නේ.

සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම හමුවේ පෙනි සිටින ලෙස පසුගියදා ලිඛිතව දැනුම්දී තිබු අතර, ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදි ඉදිරි මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එහිදි එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බව වාර්තා වෙනවා.

No comments

Powered by Blogger.