time

කටුනායක ගුවන් තොටුපළින් මගීන්ට විශේෂ දැනුම්දීමක්


කටුනායක ගුවන් තොටුපළින් මගීන්ට විශේෂ දැනුම්දීමක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පවතින අධික වර්ෂාව හේතුවෙන් පැය 3කට පෙර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලෙසයි එහි පාලනාධිකාරිය මගීන්ට දැනුම් දෙන්නේ.

වර්ෂාව පැවතියත් ගුවන් මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බැවින් ඊට සහයෝගය දැක්වීම සඳහා පැය 3කට පෙර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයට පැමිණෙන ලෙස ඔවුන් මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 3 දක්වා වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 272 ක් වාර්තා වී ඇත්තේ ද කටුනායක ප්‍රදේශයෙන්.

ඒ සමඟම දඩුගම්ඔය පිටාර ගලමින් පවතින අතර, පහත්බිම්වල සිටින ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

No comments

Powered by Blogger.