ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාවක් අද ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාවක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට නියමිතයී.
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තීන්දු තීරණ රැසක් ගැනීම සඳහා අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසුවේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණට සහය පළ කිරීමට කටයුතු කළහොත් තමන් විකල්ප ක්‍රියාමාර්ග ගන්නා බව ය.
Leave a Comment