ගෝඨාභය ලබන සුමානය වන විට ජනපති සටනෙන් ඉවත් වෙයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ගෝඨාභය ලබන සුමානය වන විට ජනපති සටනෙන් ඉවත් වෙයි


ලබන සුමානය වන විට ඇතම් විට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ  ජනපති සටනෙන් ඉවත් විය හැකි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ කොළොන්නාව විශේෂ බලමණ්ඩල රැස්වීමක් ඊයේ(29) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේය.

සී.අයි.ඩී. යෙන් ගෝඨාභයට ලංකාවේ නියම පාස්පෝට් එකක් නොමැති බවත් පැවසු ජාතික හැඳුම්පත් දෙකක් ඇති බවත් පැවසු බව කියා සිටි අමාත්‍යවරයා, වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ උදව්වෙන් මොවුන් මෙම හැඳුණුම්පත් හොරෙන් සකසා ගත් පැවසීය.

වජිර අබේවර්ධන මහතා මෙයට අවස්ථාව දුන් බවත් පැවසු අමාත්‍යවරයා, එය නිවැරදි ක්‍රියාවක් බවත්, සී.අයි.ඩී යට එය ආරංචි වී ඇති බවත් අද දිනයේ දී බී වාර්තාවක් නිතිඥයින් මාර්ගයෙන් උදසාවියට ඉදිරිපත් කිරීමට බවත් සඳහන් කළේය.


අද(30) දිනයේ දී පුරවැසිභාවයක් හොරකම් කල අයෙකුට ලංකාවේ පුරවැසිභාවය ගත හැකි ද යන ගැටළුව ඇති බැවින් අධිකරණයේ සහය පැතීමට බලාපොරොත්තු වන බවත් පැවසු අමාත්‍යවරයා, ගෝඨාභය රාජපක්ෂ මහතා ලොකු වැඩක් කිරීමට පැමිණි බවත් කියා සිටියේය.

No comments

Powered by Blogger.