අරලියග මන්දිරයේ එජාපයේ ලොක්කන් පිරිසක් විශේෂ සාකච්ඡාවක


එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් මේ වන විට අරලියග මන්දිරයේ පැවැත්වෙනවා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා පක්ෂයේ ප්‍රධානපෙලේ නායකයන් පිරිසක් ද එක්ව ඇති බවටයි වාර්තා වෙන්නේ.  මෙම සාක්ඡාව මේ වන විට දැඩි උණුසුම් කාරී තත්වයක් ඇති වී ඇති අතර ඇතැමුන්ගේ අදහස් පරිස්පර වීම හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවටයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.


 මේ අතර තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරු 03.00 ට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

No comments

Powered by Blogger.