සන්ධාන ගත වන්නේ නම් පොහොට්ටුව හෝ අත යොදාගන්න බෑ ශ්‍රීලනිපයෙන් කොන්දේසියක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

සන්ධාන ගත වන්නේ නම් පොහොට්ටුව හෝ අත යොදාගන්න බෑ ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්


ඉදිරි ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වන්නේ නම් පොහොට්ටුව හෝ අත ලකුණ හැර වෙනත් ලාංඡනයක් යටතේ තරඟ කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ හෙට්ටිපොළ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර, ජනතාව විසින් වැළද ගනු ලැබූ පොහොට්ටුව සලකුණ ඉවත් කර මැතිවරණයට ඉදිරිපත්වීමට තමාගේ කිසිදු කැමැත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

No comments

Powered by Blogger.