ජනාධිපති වී පැය 24ක් තුළ පොලීසියේ යැපීම්( බටා) දීමනාව නැවත ලබා දෙනවා.. - සජිත් ප්‍රේමදාස
තමා ජනාධිපති වී පැය විසිහතරක් යාමටත් මත්තෙන් පොලිසිය වෙත ලබා දීමට සැලසුම් කළ යැපීම් දීමනාව ලබා දෙන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (26)රක්වාන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස
“කතා නායක තුමවාගේ නිර්පාක්ෂික ක්‍රියාදාමය හා අධිකරණයේ ස්වාධිනත්වය මත දින පනස් දෙකක කුමන්ත්‍රණය ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කර හොරපාරෙන් තනතුරු ලබාගන්න ආ පිරිස ප්‍රජාතන්ත්‍රවාදීව ඉවත්කළා.ඒ කාලයේ පාර්ලිමේන්තුවේ හැසිරීම් රටාව ඔබට මතක ඇති.පාර්ලිමේන්තුවේ දී ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පොලිස් නිලධාරින්ගේ නිල ඇදුමෙන් අල්ලා පොලිස් ක්ෂත්‍රයට අපහස සිදුකර ,අවමාන සිදුකරමින් හැසිරුණා.පොලිස් ක්ෂත්රයේ පවුල් අනූදහසක් සිටිනවා.මේ පවුල් වල නිලදාරීන්ට අපි රුපියල් විසිදහසක බටා දීමනාවක් ලබා දුන්නා.පොදුජන පෙරමුණේ නායකයින් පැමිණිලි සිදුකර විසිදහසක බටා දීමනාව නවතා දැමුවා.මේ රටේ ජනාධිපති බවට මා පත්වු විට පැය 24ක් ඇතුළත පොලීසියේ නිලදාරින්ට නැවත මම රුපියල් විසිදහසේ බටා දීමනාව ලබා දෙනවා”.යනුවෙන් ප්‍රකාශ කළේය.
Are you giving them from your poket Mr Sajith? I can promise presenting a BMW to my wife but need to get a loan. No banks provide me a loan because I am bankrupt already, now what?
ReplyDeleteJust support a uniunit vikalpaya it is the only solution for saving country