ඇප තැම්පත්කළ 3දෙනෙක් නාම යෝජනා නිළ වශයෙන් භාර නොදෙනබවට දන්වයි අපේක්ෂකයන් දෙදෙනෙකුට විරෝධතා - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ඇප තැම්පත්කළ 3දෙනෙක් නාම යෝජනා නිළ වශයෙන් භාර නොදෙනබවට දන්වයි අපේක්ෂකයන් දෙදෙනෙකුට විරෝධතා



ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මේ වන විට ඒ සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 35 ක අපේක්ෂකයන් සිය නාමයෝජනා පත්‍ර භාර දී අවසන්.

අනුර කුමාර දිසානායක මහතා ජාතික ජනබල වේගය වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.
පියසිරි විජේනායක, එම්. ඒ. එල් හිස්බුල්ලා ස්වාධින අපේක්ෂකයන ලෙස ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.
මහාචාර්ය රජිව් විජේසිංහ, පි. එදිරිසිංහ යන මහත්වරුන් ස්වාධින අපේක්ෂකයන් ලෙස ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.

තවත් අපේක්ෂකයන් තිදෙනෙක් ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාරදීමට නියමිතයි.

නව සමසමාජ පක්ෂය වෙනුවෙන් නන්දිමිත්‍ර මහතාද, ජාතික සමඟි පෙරමුණ වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතාද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් දුමින්ද නාගමුව මහතාද, නව සිහල පෙරමුණ වෙනුවෙන් සරත් මනමේන්ද්‍ර, ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන් රොහාන් පල්ලෙවත්ත මහතාද, ජාතික ජනතා පක්ෂය වෙනුවෙන් මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.


තවත් අපේක්ශකයන් 3 දෙනෙකු නාමයෝජනා භාරනොදෙන බවට නිළ වශයෙන් මේ වන විට දැනුම් දී තිබෙනවා. මහීපාල හේරත් හා තවත් දෙදෙනෙකු නාමයෝජනා පත්‍ර භාර නොදෙන බවටයි වාර්ථා වෙන්නේ.

එමෙන්ම මේ වන විට අපේක්ෂකයන් දෙදෙනෙකු සඳහා විරෝධතා ඉදිරිපත් වී තිබෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ.

පෙරවරු 11 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුවන අතර පෙරවරු 11.30 දක්වා  විරෝධතා ගොනු කළ හැකියි.

No comments

Powered by Blogger.