ශ්‍රිලනිපයෙන් කමිටු 5ක් ගොඨා වෙනුවෙන් පිහිටුවයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ශ්‍රිලනිපයෙන් කමිටු 5ක් ගොඨා වෙනුවෙන් පිහිටුවයි


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් කමිටු 5 ක් පිහිටු වීමට තීරණය කර තිබෙනවා.
එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, මෙහෙයුම්, ප්‍රචාරක, ප්‍රතිපත්ති සැලසුම් යනාදී අංශ යටතේ එම කමිටු පිහිටුවන බවයි.

ඊට අමතරව ජනාධිපතිවරණය වෙනුවෙන් ස්ථාපිත කෙරෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහෙයුම් මධ්‍යස්ථානය ලබන සතියේ විවෘත කරන බව ද ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් සහ ආසන මට්ටමින් ද වෙන ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ ය.

No comments

Powered by Blogger.