ඇල්පිටියේ පැවති ඡන්ද ප්‍රතිපලය ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අමුතු කතාවක් කියයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ඇල්පිටියේ පැවති ඡන්ද ප්‍රතිපලය ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අමුතු කතාවක් කියයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලකොටුවක් සේ හැදින්වෙන  ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ජන්ද 23372ක් ලබා ගනිමින් පොදුජන පෙරමුණ විසින් දිනාගනු ලැබූවද  එම පෙරමුණ විසින් බලාපොරොත්තු වූ විශිෂ්ඨ ප්‍රතිපලය ඔවුන්ට හිමි නොවූ බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතිලු සියලූම පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ඇල්පිටිය මැතිවරණ මෙහෙයුම සදහා දැඩි ආයාසයක් ගෙන ක්‍රියා කල අතර එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණය සම්පූර්ණයෙන්ම අතහැරදමා සිටිනු දක්නට ලැබිනි.  එසේ වුවද අවසන් ප්‍රතිපලයේදී පොදුජන පෙරමුණට හිමිවී ඇත්තේ ප්‍රකාශිත ජන්ද වලින් 56% පමණ ප්‍රතිපලයක් වන අතර පොහොට්ටුව බලාපොරොත්තු වූයේ 70%ක පහසු ජයකි.

ජාතික මට්ටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ  ගිවිසුමකට එළඹ තිබියදීත් පොදුජන පෙරමුණට ජන්දය දීමෙන් වැළකී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත සැලකියයුතු ජන්ද දායකයින් පිරිසකගේ නැඹුරුතාවයක් දක්නට ලැබීම සුවිශේෂී වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩිව විශ්වාසය තබා කටයුතු කරන දකුණු පළාතේ ජන්ද දායකයින්  එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කලද, පොදුජන පෙරමුණට ජන්දය ලබාදීමෙන් වැළකී සිටියහොත් එය ජනාධිපතිවරණයේදී එම පක්ෂයට ඉතා අහිතකර ලෙස බලපානු ඇත. 
කෙසේ වෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජන්ද ප්‍රතිපළ නිකුත් වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ඇල්පිටිය ජන්දය ජනාධිපතිවරණයට කිසිදු බලපෑමක් සිදු නොකරන බවයි.
වීඩියෝව පහතින්


No comments

Powered by Blogger.