මට්ටක්කුලිය පල්ලියක් අසල සැකකටයුතු වාහනයක් නිසා නොසන්සුන් තාවයක් පොලීසිය නිවේදනයක් නිකුත් කරයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

මට්ටක්කුලිය පල්ලියක් අසල සැකකටයුතු වාහනයක් නිසා නොසන්සුන් තාවයක් පොලීසිය නිවේදනයක් නිකුත් කරයි


මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් සහ ඊට යාබදව ඇති පාසලක් අසළ සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව පොලීසිය  විසින් පරීක්ෂා කර තිබෙනව.

මේ හේතුවෙන් අද උදෑසන පාසල් ළමුන් සහ දෙමව්පියන් කලබලයට පත් වී ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

කෙසෙ වෙතත් සුඛෝපභෝගී මෝටර් රථයක් මෙලෙස ඊයේ (15) රාත්‍රියේ කාර්මික දෝෂයකට ලක්ව අයිතිකරු විසින් එම ස්ථානයේ තබා ගොස් ඇති බවටයි මූලික පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ.

අද (16) උදෑසන පාසලට ශිෂ්‍යයින් පැමිණෙන අවස්ථාවේදී එය දැක ශිෂ්‍යයින් සහ දෙමාපියන් කලබලයකට පත්ව තිබෙනවා. මේ වන විට  එම වාහනයේ අයිතිකරුද එම ස්ථානයට පැමිණ ඇති අතර මේ පිළිබඳ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පැතිරෙමින් ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

එහි කිසිම සැක කටයුතු තත්ත්වයක් නොමැති බවයි පොලිසිය වැඩි දුරටත් අවධාරණය කරන්නේ.

No comments

Powered by Blogger.