ඡන්ද ලැයිස්තුවේ තියෙන අනිත් හැම එකම ගඳයි..ජරාවයි.. සුවඳ තියෙන්නේ පොහොට්ටුවට පමණයි.." - ඩිලාන් පෙරේරා - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ඡන්ද ලැයිස්තුවේ තියෙන අනිත් හැම එකම ගඳයි..ජරාවයි.. සුවඳ තියෙන්නේ පොහොට්ටුවට පමණයි.." - ඩිලාන් පෙරේරා



සියලු ජාතීන්ගේ ආරක්ෂාව නැවත තහවුරු කර ගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

"අඩි 2යි අගල් 1ක් දිග ලැයිස්තුවේ අපි සියලු දෙනාටම ආරක්ෂාව දෙන්න පුළුවන් එක අපේක්ෂකයයි ඉන්නේ.

ඒ ගෝඨාභය..

මම පස්සර ගිය වෙලාවේ මම රැස්වීමකදී කිවුවා ඡන්ද පත්‍රිකාව දිග නිසා වැඩිහිටි අයට ඡන්ද ආකෘති පත්‍රයක් ගෙනල්ලා කියලා දෙන්න වෙයි කියලා.

එතකොට තාත්තා කෙනෙක් කියනවා..ඇමතිතුමා මට ඇස් පේන්නෙත් නෑ..හැබැයි මම පොහොට්ටුව සුවඳින් අඳුරගෙන ඡන්දේ දෙනවා කියලා..

ඡන්ද ලැයිස්තුවේ තියෙන අනිත් හැම එකම ගඳයි..ජරාවයි.. සුවඳ තියෙන්නේ පොහොට්ටුවට පමණයි.."

No comments

Powered by Blogger.