වීසා නීති උල්ලංඝනය කළ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
මාදම්පේ සුදුවැල්ල ප්රදේශයේදී වීසා නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 22 හා 47 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක්.
ඔවුන් නීති විරෝධීව මෙරට රැඳී සිටිමින් පෑස්සුම් වැඩපොළක සේවය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් හලාවත මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.
Leave a Comment