ශ්‍රීලනිපයේ සහයෝගය කාටද? අවසන් තීරණය‌ෙ හෙට - ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ විශේෂ සාකච්ජාවක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ශ්‍රීලනිපයේ සහයෝගය කාටද? අවසන් තීරණය‌ෙ හෙට - ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ විශේෂ සාකච්ජාවක්



 එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහයෝගය ලබා දිම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (09) දිනයේදි ප්‍රකාශයට පත් කරන බව එම සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පවසනවා.

අද (08) දිනයේ රාත්‍රියේදී ජනධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ජාවකින් අනතුරුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සිය අවසන් තීරණය ගන්නා බවයි ඔහු ප්‍රකාශ කලේ.

හෙට දිනයේදී පවත්වන මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පක්ෂයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

No comments

Powered by Blogger.