මුහුණට මුහුණ සජිවී රූපවාහිනී සංවාදයකට එන්න සජිත්ගෙන් ගෝඨාට අභියෝගයක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

මුහුණට මුහුණ සජිවී රූපවාහිනී සංවාදයකට එන්න සජිත්ගෙන් ගෝඨාට අභියෝගයක්



මුහුණට මුහුණ  සජිවී රූපවාහිනී සංවාදයකට පැමිණෙන ලෙස  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ආරාධනා කරනවා. තම නිළ ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔහුගේ නිළ ෆේස්බුක් ගිණුමේ ද මෙලෙස සටහන් කර තිබුණා.

එම සටහන පහතින්

අපගේ ප්‍රතිපත්ති සහ ඉදිරි දැක්ම ගැන සංවාද කිරීමට ගෝඨාභය රාජපක්ෂ හට මා සමග මුහුණට මුහුණ ගැටෙන සජිවී රූපවාහිනී සංවාදයකට අභියෝග කරමි. ශක්තිමත් අපේක්ශකයෙකු නම් විරුද්ධ පාර්ශවය සමග එක වේදිකාවක අදහස් හුවමාරු කරගැනීමට කිසිදු බියක් නොදැක්විය යුතුය.

No comments

Powered by Blogger.