සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා හැම විටම අධිෂ්ඨානයෙන් කටයුතු කරනවා. - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා හැම විටම අධිෂ්ඨානයෙන් කටයුතු කරනවා.


                      සිංහල බෞද්ධ අපගේ මාතෘ භූමියේ සම්බුද්ධ ශාසනය සුරකින්නට,සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා වැඩකටයුතු කරන්නට මම හැමවිටම අධිෂ්ඨානයෙන්  කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12) කතරගම කිරි වෙහෙරේදි ප්‍රකාශ කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,
                        බුද්ධ ශාසන අමාත්‍යංශය ස්ථාපනය කර,බුද්ධ ශාසන අරමුදල ඇති කර,ප්‍රයෝගික බෞද්ධයෙක් ලෙස මගේ පියාණන් ඉටුකළ විශිෂ්ට සේවාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්,සම්බුද්ධ ශාසනය තවත් බබළ වන්න මම නිරන්තර උත්සහ කරනවා.ගෞරවනීය මහා සංඝ රත්නයෙන් ලැබෙන අවවාද අනු ශාසනා, උපදෙස් මත කටයුතු කරනවා.අපේ රටේ සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවන් ලෙස කටයුතු කරන මහා සංග රත්නයේ අධික්ෂණය තුළ, සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන ජාතික ආගමික මෙහෙවර ඉතාම සක්‍රීයව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න මා අධිෂ්ථාන කරගෙන සිටිනවා.”යනුවෙන් සදහන් කළේය.
කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ?ධම්මින්ද නාහිමියෝ බැහැදුටුවේය.කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් අභියසදී ආගමික වතාවත් වල නිතරත වීමෙන් අනතුරුව කතරගම මහාදේවාලයට පැමිණ විශේෂ ආශිර්වාද පුජාවකටද එක්විය.











No comments

Powered by Blogger.