කොළඹ කොටුවේ මුද්‍රණ ආයතනයක හදිසි ගින්නක්
කොළඹ කොටුවේ පිහිටි මුද්‍රණ ආයතනයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ඉහළ මහලේ ඇති වී ඇති මෙම ගින්න අද අලූයම 12.40ට පමණ හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් කොටුව පොලීසිය සහ කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඬ පවත්වනු ලැබුවා.
ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Leave a Comment