පාක්‍යසෝති සරවනමුත්තු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

පාක්‍යසෝති සරවනමුත්තු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී



හදිසි නීති රෙගුලාසි මාලාවේ අඩංගු ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළ මූලික අයිතීවාසිකම් උල්ලංඝනය වන බවට පවසා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ නඩු කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

මේ වන විට හදිසි නීති රෙගුලාසි රටේ ක්‍රියාත්මක නොවන බැවින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දෙන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙන ලදි.

පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙසට ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපතිවරයා නම් කර තිබුණා.

අප්‍රේල් 21 පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව රටේ උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපති විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව පෙත්සම්කරුවන් කියා සිටි.

හදිසි නිති රෙගුලාසි මාලාවේ ඇතැම් වගන්තිවලින් අධිකරණයේ බලතල සීමා කිරීමක් සිදුවන බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් පවසා සිටියා .

No comments

Powered by Blogger.