බ්ලුමැන්ඩල් සංඛ යළි රිමාන්ඩ් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

බ්ලුමැන්ඩල් සංඛ යළි රිමාන්ඩ්



පාතාල කල්ලි නායකයෙකු බව කියන බ්ලුමැන්ඩල් සංඛ නමැත්තා ලබන 22 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

රණසිංහ ආරච්චිගේ සංඛ හෙවත් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා ඉකුත්දා සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය හමුවේ  බාරවීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කර තිබුණි.

පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරු ලබන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

2018 වසරේ දෙසැම්බර් මස 26 වනදා මට්ටක්කුලිය, හේනමුල්ල ප්‍රදේශයේදී දිනේෂ් එරංග නැමැති අයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබුණි.



No comments

Powered by Blogger.