ලෝක වෙළඳපළේ අවශ්‍යතාවයන්ට ගැළපෙන භාණ්ඩ නිශ්පාදනයට අප අද රටක් විදිහට අසමත් - අනුර කුමාර දිසානායක



ලෝක වෙළඳපළේ අවශ්‍යතාවයන්ට ගැළපෙන භාණ්ඩ නිශ්පාදනය කිරීමට අප අද රටක් විදිහට අසමත් වී ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

තලවතුගොඩ ප්‍රදේශයේ ඊයේ (26) පැවති ව්‍යවසායක හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම යැපුම් ආර්ථිකයෙන් මිදී කර්මාන්ත අවදියකට රට ගෙන යාම සඳහා වෙනස්කම් සහිත ලෝක වෙළඳපළට ගැලපෙන නිෂ්පාදන සිදුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ජාතික ජන බලවේගයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයක හමුව ඊයේ පස්වරුවේ පැවැත් විය.

ඒ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

No comments

Powered by Blogger.