දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගුයි රාජකාරියට පැමිණ සේවකයන්ට විශේෂ ආරක්ෂාවක් සඳුදා සිට නොපැමිණෙන සේවකයන්ට වැඩ වරදී
දින ගනනක සිට වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා විධි විධාන පනත යටතේ නීතිමය පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.
එහි ලේකම් එල්.පී. ජයම්පති මහතා සඳහන් කළේ, නිවාඩු අවලංගු කර ඇති බැවින් වහාම සේවකයින් සේවයට වාර්තා කළ යුතු බවයි.
රාජකාරියට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සේවකයින්ට අවශ්‍ය ආරක්ෂාව සපයා ඇතැයි ද ඔහු සඳහන් කළා.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිටයි.
Leave a Comment