නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු මෙන්න - Live - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු මෙන්න - Live



ජනතා පරමාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම උදෙසා මෙවර ජනාධිපති වරණයට ඉදිරිපත් වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මේ වන විට මහනුවර ක්වින්ස් හෝටලයේදී සිදුවනවා.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු, සෙසු පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරු සමඟ විශාල පිරිසක් එක්ව ඇති අතර, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය “ සජිත් සමාජ විප්ලවය“ ලෙස නම් කර ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ලක්ෂන් කිරිඇල්ල මහතා කියා සිටියේ,  කන්ද උඩරට ඡන්දවලින් සජිත් ප්‍රේමදාස මහතා දිනවන බවයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරතන් මහතා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර් ගත විශේෂිත කරුණු පිළිබඳව මෙලෙස පැහැදිළි කළා.

“ශක්තිමත් දේශයක් තරගකාරී වෙළද පොළක්,සාධාරණ සමාජයක් ඇති කිරීම යන ප්‍රධාන සාධක තුනක් යටතේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ගෙන එන්නේ.
මත් ද්‍රව්‍යය වලට,දුෂණයට,ආගමික අන්තවාදයට තිත තැබිය යුතුයි.මේ කාරණාවන් නවතා දමන්න අප පියවර ගන්නවා.එකමවකගේ දරුකැලක් ලෙසින් කටයුතු කරන්න අව ශක්තිමත් දේශයක්,සුහුරු ආරක්ෂාවක් ඇති කරනවා.ජාතික ආරක්ෂා මණ්ඩලය,ජාතික ආරක්ෂා උපදේශක මණ්ඩලය වැනි සංකල්ප යොදා ගනිමින් ඒකීය ශ්‍රි ලංකාවක් තුළ ජනතාවට සමීපතම තීරණ ගන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගෙන එන්නේ.වගකීමෙන් යුත් නායකත්වයක් තිබෙන්නේ.දුෂිතයින් කැබිනට් මණ්ඩලයට පත්කරන්නේ නැහැ කියලා සදහන් කර තිබෙනවා.අපේ විදේශිය ප්‍රතිඵත්තිය තුළත් පළමු දේ ශ්‍රි ලංකාව.අපගේ වෙළද පොළ ආරක්ෂා වෙන ප්‍රතිපත්තියක් අප ආරම්භ කරන්නේ.පරිසරය සංරක්ෂණය කරන්න කටයුතු කරනවා.එයටත් මුල් තැන ලබා දෙනවා.

ස්ථාවර ප්‍රතිපත්ති තුළ විද්‍යුත් රාජ්‍යය පාලනයක් ගෙන එනවා.පර්යේෂණ හා සංවර්ධනයන් සදහා පෙරට වඩා දළ දේශිය නිෂ්පාදනයෙන් 0.8ක් දක්වා වැඩි කරනවා.නව ව්‍යවසායකයන්ට අරමුදලක් ඇති කර තිබෙනවා.ප්‍රාග්ධනය ලබා ගන්න රජය මැදිහත්ව ක්‍රමවේද යොදනවා.සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට විශේෂ වැඩපිළිවලක් ගෙන එනවා.අප නයන ආර්ථීකයට මුල් තැන ලබා දෙනවා.කොළඔ වරාය පරියන්ත හරහා භාණ්ඩ ගෙන යන්නේ.එය වැඩි දියුණුකරන්න අවස්ථාව දෙනවා.කෘෂි කර්මය තුළ සියයට 23ක් 24ක් ඉන්නවා.දළ දේශිය නිෂ්පාදනය තුළ සියයට අටක නවයක දායකත්වයක් තිබෙන්නේ.කෘෂිකර්මය නවීකරණය කළ යුතුයි.අපි කෘෂි කර්මයට ආයෝජනය කළ යුතුයි.එවිට කෘෂි කර්මය තුළින් ඉහළට යා යුතුයි.කිරි හා ධිවර අංශය ගැන සදහන් වලනවා.යටිතල පහසුකම් විශේෂයෙන් නාගරික සංවර්ධන,අධිවේගිමාර්ග ,කුඩා මාර්ග මෙන්ම පොදු ප්‍රවාහනය දියුණු කරන්න කටයුතු කරනවා.ශ්‍රාමබලකාය තුළ කාන්තාවන් සියයට 35ක් සිටින්නේ.එයට එක් හේතුවක් පොදු ප්‍රවාහනය.පුනර්ජනනීය බලය වෙත අප යා යුතුයි.මුල්‍යය වෙළද පොළ ,සාධාරණ බදු ක්‍රමයක් ඇති කරනවා.2015දී ලංකාවේ බදු ආදායම දළ දේශිය නිෂ්පාදනය 10.05 එය තිබුණේ සියයට 20ක මට්ටමෙන්.

සාධාරණ සමාජය තුළ බොහෝ කාරණා අන්තර්ගතයි.ඉන් අධ්‍යාපනය සංවර්ධනය කිරිම ගැන කතා කලොත්,හැම දරුවෙකුටම ක්‍රමවත් ප්‍රමිතියෙන් උසස් පෙර පාසලකට යා යුතුයි.පෙර පාසල් ක්‍රමය නිදහස් අධ්‍යාපන ක්‍රමය වෙත ගෙන එනවා.උසස් පෙළ උගන්වන පාසල් වලින් සියයට 35ක් පමණයි විද්‍යා විෂයන් උගන්වන්නේ.සෑම පාසලක් වෙතම මෙය ගෙන ආ යුතුයි.අපි මධ්‍යම ආදායම් ලබන රටක් ඉහළ ආදායම් ලබන රටක් වෙත යාමට නම් විද්‍යාව,ඉංග්‍රිසි භාෂාව වැනි විෂයන් වර්ධනය කළ යුතුයි.පළවෙනි ශ්‍රේණියේ සිට ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමට කටයුතු කරනවා.මේ රට ගෙන යන්නේ නූතන යුගයකට.හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනය ලබා දෙන වැඩ පිළිවලක් ඇති කරනවා.මේ වැඩපිළිවල තුළ මානව සම්පත ගොඩ නැගීමට මුල් තැන ලබා දී තිබෙනවා.2025 වන විට සැමට සෙවණ වැඩ පිළිවල ගෙන එනවා.ජාතික සංවර්ධනය පිළිබද නව ජනාධිපති කාර්යය සාධක බලකායක් පිහිටවනවා.ප්‍රාදේශිය ලේඛම් කාර්යාල වල එහි ඒකක පිහිටවා රාජ්‍ය හා පුද්ගලික අංශයේ පිරිස එයට එකතු කරනවා.”



No comments

Powered by Blogger.