ජනාධිපතිගේ පළමු නිළ සංචාරය සඳහා 29 වන දා ඉන්දියාවට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ජනාධිපතිගේ පළමු නිළ සංචාරය සඳහා 29 වන දා ඉන්දියාවට


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පළමු නිළ සංචාරය සඳහා මේ මස 29 වන දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
ඒ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාවට පැමිණෙන්නැයි  නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට  කළ ආරාධනාව අනුව බවයි වාර්ථා වෙන්නේ.

මේ අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.  අනතුරුව ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවී නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉන්දියාවට පැමිණෙන්නැයි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආරාධනාවද පිළිගන්වනු ලැබුවා.
 මේ සම්බන්ධයෙන් සදහන් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබුණා.

No comments

Powered by Blogger.