නව ආණ්ඩුකාරවරුන් 6 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙයි


නව ආණ්ඩුකාරවරුන් 6 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි

ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සීතා අරඹේපොළ මහත්මිය දිවුරුම් දුන්නා ය.

දකුණු පළාත් නව ආණ්ඩුකාර ධුරය හිමිවූයේ ආචාර්ය විලී ගමගේ මහතාටයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය ලලිත් යූ ගමගේ සහ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය ඒ. ජේ. එම්. මුසම්මිල් යන මහත්වරුන්ට හිමිවිය.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව මහතා දිවුරුම් දුන්නේ ය.

ඌව පළාත් ආණ්ඩුකාර ධුරය හිමිවූයේ රාජා කොල්ලුරේ මහතාටයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ ආණ්ඩුකාරවරුන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීමක් මත ඊයේ සිය ධුරවලින් ඉල්ලා අස් විය.


No comments

Powered by Blogger.