සජිත් ප්‍රේමදාස මහතාගෙන් අද විශේෂ ප්‍රකාශයක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

සජිත් ප්‍රේමදාස මහතාගෙන් අද විශේෂ ප්‍රකාශයක්


නව ප්‍රජාතන්ත්රතවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේ විශේෂප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරවා.

එමෙන්ම ජනාධිපතිවරණයේදී තමන්ට සහය පල කළ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයින්  සමග ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරිම ද නියමිතයි.

මෙම විශේෂ ප්‍රකාශය හා හමුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරු 11.00ට පැවැත්විමට මීට පෙර සැලසුම් කර තිබුණා.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ එම උත්සවය අද දිනයේ නොපැවැත්වෙන බවයි.

අදාල  විශේෂ ප්‍රකාශය හා හමුව සදහා සිරිකොත පක්ෂ මූලස්ථානය නොලැබුණ ද සජිත් ප්‍රේමදාස මහතාගේ කොළඹ පිහිටි ප්‍රධාන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්විමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කළේ.

2 comments:

  1. Harin Fernando could not ensure Sajith's victory in Badulla. Sajith could not win his own seat. But blames Ranil and want to make a new party. What a joke? Most probably Harin is not aware that Gamini Dissanayake & Lalith Athulathmudali too made new party.

    ReplyDelete
  2. When give promises to public must show revenue for income Sajith to obtain the votes given unbelievable promises this too made his losses

    ReplyDelete

Powered by Blogger.