ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් දඹුල්ල ජාතික පාසකල නොසන්සුන් තාවයක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් දඹුල්ල ජාතික පාසකල නොසන්සුන් තාවයක්



දඹුල්ල ජාතික පාසකල සංගීත විෂය භාර ගුරුවරයෙකු විසින් සිසුන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් ඊට අනුබල දුන් ගුරුවරුන් 7 දෙනකු පාසලෙන් ඉවත් කරන්න ලෙසට දෙමව්පියන් විසින් ඉල්ලීමත් සමඟ අද (01) පෙරවරුවේ පාසල තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

පාසලේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ සිසුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ  සංගීත විෂය භාර ගුරුවරයකු එළබෙන 11වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

මේ හේතුවෙන් අද පෙරවරුවේ දඹුල්ල ජාතික පාසල ඉදිරිපිටට පැමිණි විශාල දෙමව්පියන් පිරිසක් පාසල තුලට ගොස් විදුහල්පතිවරිය සමඟ සාකච්ඡා කරමින් කියා සිටියේ මෙම ළමා අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු වල නිරතව සිටින භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු ගුරුවර ගුරුවරියන් හත්දෙනෙකු අදාල දෙමව්පියන්ගෙ නිවෙස් වෙත ගොස් බලපෑම් කොට පොලිසියට පැමිණිලි නොකරන ලෙස ඉල්ලා තිබෙන බවයි.

ජනාධිපතිවරණයෙන් පසුව එම ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබා දීමට කටයුතු කරන බැවින් මෙම සිද්ධිය පොලීසියට පැමිණිලි නොකරන ලෙසට බලපෑම් කර ඇති බවද එම ගුරුවරු විසින් දෙමව්පියන්ට බල කර ඇති බවද එම දෙමාපියන් පවසයි.

දෙමව්පියන් කියා සිටියේ වහාම මෙම අපරාධයට අනුබල දුන් ගුරුවරුන් හත් දෙනා විද්‍යාලයෙන් ඉවත් කරන ලෙසය.

පසුව එම ස්ථානයට පැමිනි අධ්‍යාපන බලධාරීන් කියා සිටියේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන බව යි.

එලබෙන සදුදා දිනයේ සිට මෙම කුඩා දරුවන් පාසල තුලදී අපයෝජනයට ලක් කළ ගුරුවරයාට සහාය පළ කරමින් අපරාධයට අනුබල දුන් ගුරුවරුන්ට පාසල් නොපැමිණෙන ලෙස දෙමාපියන් විසින් ඉල්ලීමක් කළේය.

එසේ පැමිණෙන්නට වුවහොත් දෙමව්පියන් අතින් විවිධ හිරිහැර බාධක වලට ඔවුන්ට ලක්විය හැකි බවද ඔවුන් අවධාරණය කළේය.

No comments

Powered by Blogger.