දයාසිරි හූ වට බියෙන් නිදහස් පාක්ෂිකයා මඟ හරී - යළි කිසිදු රැළියකට යයිදැයි සැකයක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

දයාසිරි හූ වට බියෙන් නිදහස් පාක්ෂිකයා මඟ හරී - යළි කිසිදු රැළියකට යයිදැයි සැකයක්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා දේශපාලනික වශයෙන් බරපතළ අර්බුදයකය ලක්ව ඇතැයි වාර්තා වනවා.

ඊයේ (04) කුරුණෑගල, පඩුවස්නුවර ඒ මහතාගේ ආසනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට ඒ මහතා සහභාගී වී නැත.

එයට හේතුව වී ඇත්තේ එම රැලියේදී ඔහුට හූ කීමට පිරිසක් සූදානම්ව සිටින්නේ යැයි තමන්ට ආරංචි වුන නිසා ස්ටේජ් නැග්ගේ නැති බවටයි සඳහන් කර ඇත්තේ.

කුලියාපිටිය, ගල්ගමුව, යාපහුව, දොඩම්ගස්ලන්ද, අලව්ව, බිංගිරිය යන නගර වල පැවති පොදුජන පෙරමුණේ ජන හමු සියල්ල සදහා දයාසිරි ජයසේකර මහතාට ආරාධනා කර තිබුනද ඇතිවී තිබූ තත්වය මත ඔහු කිසිදු රැළියකට සහභාගී වී නොමැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධ කිරීමට දයාසිරි ජයසේකර මහතා දැඩි පරිශ්‍රමයක් ගනු ලැබූ නමුත් මේ වනවිට පොදුජන පෙරමුණු පාක්ෂිකයින්ගේ වෛරයට සහ සමච්චලයට ලක්වීමට ඒ මහතාට සිදුවී තිබේ.

නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධ කොට හූ හඬට බියෙන් නිදහස් පාක්ෂිකයා මඟ හැර නිවෙස් තුලට වී සිටීම පිළිබඳව දයාසිරි ජයසේකර මහතාව නිදහස් පාක්ෂිකයින්ගේ දැඩි දෝශදර්ශණයට ලක්ව ඇත.

3 comments:

  1. දයාසිරි එක එකගෙ හුවලට බය කෙනෙක් නොවෙ ..
    හුකි කියන්නෙ
    මංගල
    චන්ද්‍රිකා
    හිරැනිකා වගෙ බාල වර්ගයෙ පාර්ලිමේන්තුවට රිංගපු මහජන මුදලින් සැප විදින උන්ගෙ පක්ෂයේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් 226 එපයි කියපු තුප්පහි බඩ ගැන විතරක් හිතන සිංහලයන් ..

    ReplyDelete
  2. දයාසිරි එක එකගෙ හුවලට බය කෙනෙක් නොවෙ ..
    හුකි කියන්නෙ
    මංගල
    චන්ද්‍රිකා
    හිරැනිකා වගෙ බාල වර්ගයෙ පාර්ලිමේන්තුවට රිංගපු මහජන මුදලින් සැප විදින උන්ගෙ පක්ෂයේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් 226 එපයි කියපු තුප්පහි බඩ ගැන විතරක් හිතන සිංහලයන් ..

    ReplyDelete
  3. පක්ෂය සම්පූර්ණ යෙන්ම විනාශ කල දයාසිරි උබ අද ඔතන ඉන්නෙ අපේ චන්ද වලින් අමතක කරන්න එපා උබ u n p චන්ද වලින් ආපු වග හොදට මතක තියා ගනින් උබට යන යන තැන හුව තමයි දයාසිරි උබේ අම්මා ලගට ගොස් මකවා ගන් ඒ හුව????!

    ReplyDelete

Powered by Blogger.