මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් සමග අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු අත්අඩංගුවට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් සමග අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු අත්අඩංගුවට



මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 250ක් සහ මුදල් රුපියල් 22560ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකු බවටයි පොලීසිය කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන මල්ගම පාර, මුල්ලේරියාව නව නගරය ලිපිනයේ පදිංචි ගලගොඩ ආරච්චිගේ අරුණ සමීර යන අයයි.

සැකකරු හෙට (05) අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ 04 මෙම වැටලීම සිදු කරණු ලැබුවා.

No comments

Powered by Blogger.