හිමිනමකගේ මෘත දේහයක් බෝකුවක් අසළින් සොයාගනී - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

හිමිනමකගේ මෘත දේහයක් බෝකුවක් අසළින් සොයාගනී


මැටිගහතැන්න, ඇකිරිය මාර්ගයේ මැටිගහතැන්න විහාරස්ථානයට නුදුරින් පිහිටි අඩි 15ක පමණ ගැඹුරින් යුත් බෝකුවක් අසළ තිබී අපවත්ව සිටී හිමිනමකගේ මෘත දේහයක් අද (23) දහවල් සොයාගෙන ඇත.

මෙසේ අපවත්ව ඇත්තේ මැටිගහතැන්න ඇකිරිය විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමකි.

මෙම ස්වාමීන් වහන්සේ මැටිගහතැන්න විහාරස්ථානයේ සිට ඊයේ (22) රාත්‍රියේ දී ඇකිරිය විහාරස්ථානය වෙත වැඩම කරමින් සිටියදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.


සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලීසිය හා බදුල්ල පොලිස් අපරාධ කොට්ඨාශ ඒකකය එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇත. 

No comments

Powered by Blogger.