ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගනී - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගනී



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීම සඳහා මහනුවර වෙත පැමිණියා.

 නව ජනපතිව පිළිගැනීම සඳහා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අවට විශාල ජනතාවක් රැස්ව සිටි බවටයි වාර්ථා වෙන්නේ.

ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතයි.

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙණේ දී රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමි බැහැදැකීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා අද පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි බැහැ දැකීමට ද නියමිත බවටයි වාර්ථා වෙන්නේ.
වීඩියෝව පහතින්

No comments

Powered by Blogger.