යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට තවත් වසරක සේවා දිගුවක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට තවත් වසරක සේවා දිගුවක්


 යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් වසරක සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

ඒ මහතා මෙම මස 21 වැනිදා සිය ධුරයෙන් වශ‍්‍රාම යාමට නියමිතව තිබිණා.

මීට පෙර ද ශවේන්ද‍්‍ර සිල්වා මහතාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මාස 6ක සේවා දිගුවක් ලබා දුන්නා.

එමෙන්ම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතාටද මාස හයක සේවාවක් සේවාව ජනාධිපතිවරයා විසින් ලබා දී ඇත. ඔහු ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණේ දෙසැම්බර් මස 31 වැනිදායි.

ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපතිවරයා ලෙස පත් කිරීමට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම විදේශීය රටවල් ගණනාවක් සිය විරෝධය අවස්ථා කීපයේදීම පළකර තිබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා ද ඒ නොතකා ශවේන්ද‍්‍ර සිල්වා මහතා තවදුරටත් හමුදාපති ධුරයේ කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන ලදී.

No comments

Powered by Blogger.