ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පැමිණෙයි


ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු මෙරටට පැමිණෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහායි.

 ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග් ෆ්‍රිඩෙන් මහතා මෙලෙස දිවයිනට එවීමිට කටයුතු කරන බවයි  බවයි එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නායකත්වය යටතේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමේ හැකියාව සොයා බැලීමට හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියා.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයන් එරට විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාස්සිස් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

No comments

Powered by Blogger.