අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට


 අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහය  සිංගප්පූරුවේ සිට අද රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයාා රෝගාතුරව පසුගිය දින කිහිපයේ සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියා.
කෙසේ වෙතත් දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා සිදු කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වනවිට ඔහු 57 හැවිරිදි වියේ පසුවූ අතර, මෙරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වූ බැවින්, මන්ත්‍රීවරයාව සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත පසුගියා යොමු කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන්.

No comments

Powered by Blogger.