පාඨලි චම්පික අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොමිසම වාර්තාවක් ඉල්ලයි



පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්  වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හෙට වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව පොලිස් කොමිසම පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පොලිස් කොමිසම වෙත සිකුරාදා ඉදිරිපත් කළ ලිපියකට අනුව එම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික ක්‍රමවේදය පොලිස් අපරාධ කොට්ඨාශය විසින් අනුගමනය කර නොමැති බවට අදාළ ලිපියෙන් කරුණු දක්වා ඇත.

ඒ අනුව පොලිස් කොමිසමේ ස්ථාවරය දැක්වීමට පෙර වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඒ පිළිබද වාර්තාවක් කැදවන බවයි පොලිස් කොමිසම ප්‍රකාශ කළේ.

1 comment:

  1. https://www.youtube.com/watch?v=anhzxRK1HJo ගෝත වේස බල්ලා ඇමරිකාවෙ හුජ්ජ බයේ පැට්‍රල් ශෙඩ් වල වැඩ කරන එදා කොටි විනාශ කිරීමට හමුදාවට කොල්ලො බැඳෙන්නෙ නැති කාලෙ ගමින් ගමට හාමුදුරුවොත් එක්ක ගිය එකම සිංහල බෞද්ධ නායකයා හිරේ දාමු. රනිල්ලා, මංගලලා, රිශාඩ් ලා, හිස්බුල්ලල ආරක්‍ෂා කරමු. මිනී වලලන්නත් කිසිවෙක් යන්න බැරි කොටි ප්‍රදේස වල ගිහින් තම දෑතින් කොටින් මැරූ මිනී වලලපු බෞද්ධයා 1000 c/c පැදපු කුඩු කාරයෙකුට පාවා දෙමු. ජයවේ වා!

    ReplyDelete

Powered by Blogger.