කාලගුණ දෙපාර්ථමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

කාලගුණ දෙපාර්ථමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්



ඉදිරි පැය කිහිපය තුළ තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැ,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද(04) සහ හෙට(05) වැඩි වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇති වනු ඇතී.

උතුරුමැද, සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වල මෙන්ම අනුරාධපුර, පොළොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක සහ යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 50-60 දක්වා තද සුළං ඇති විය හැකි අතර, ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට තාවකාලික තද සුළං හා අකුණු ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය මගින් පෙන්වා දෙනවා.

මේ අතර උතුරුමැද පළාතට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයත් සමග අංගමුව ජලාශය වාන්දැමීම ආරම්භ වී තිබෙනවා..

No comments

Powered by Blogger.